Colombo Today Local News

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

jf255

යාපනය විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ හා ඉන් පිටතත් පූර්ණ ආරක්‌ෂාව තහවුරු කෙරෙන තෙක්‌ සිය දරුවන් එම විශ්වවිද්‍යාලයට නොයෑවීමට එහි විද්‍යාපීඨ සිසුන්ගේ දෙමවුපියෝ තීරණය කර සිටිති.

සිසුන්ගේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මැදිහත් වීමක්‌ මෙතෙක්‌ සිදු වී නොමැති බවද එම දෙමාපියන් ප්‍රකාශ කළේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

පසුගිය 16 වැනිදා විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයේ අගතියට පත් සිසුන්ගේ දෙමාපිය සංසදයෙනි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ මේ ගැටුම සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව සිය දරුවන් හුදකලා කර සිටින්නේය යන සැකයක්‌ හා භීතියක්‌ පවතින බවද එදින සිද්ධියෙන් පසුව ගැහැනු ළමයින්ද ඇතුළුව සියලුම දරුවන් වවුනියාවට ගෙනැවිත් අතහැර දමා ඇති බවද ඔවුහු කීහ. ගැටුම්කාරී වාතාවරණයකින් පසුව පොලිස්‌ ආරක්‍ෂාව මත දරුවන් අතරමඟට ගෙනැවිත් දමා යැම නිවැරැදි දැයි ප්‍රශ්න කළ දෙමවුපියෝ අඩු තරමින් ඒ රාත්‍රියේදීවත් මේ දරුවන්ට ආරක්‍ෂාව ලබා නොදීම බරපතළ තත්ත්වයක්‌ යෑයිද කියා සිටියහ.

මෙම ගැටුමින් පසු දැඩි කම්පනයකට පත්ව සිටින දෙමවුපියන් වශයෙන් මෙතෙක්‌ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දීමක්‌ නොකළ බව ඔවුන් ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

දරුවන්ගේ ආරක්‍ෂාව පළමු තැනට ගෙනැවිත් නොමැති බවට චෝදනා කළ දෙමවුපියෝ ආරක්‍ෂක අංශ විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ගැටුම උද්ගතව විනාඩි හතළියකට පමණ පසුව යෑයිද පැවසූහ.

මෙම පහරදීමට සම්බන්ධ වන්නේ කලා පීඨයේ සුළු සිසු පිරිසක්‌ බවත් විද්‍යා පීඨයේ සිංහල හා දෙමළ මාධ්‍ය සිසුන් එක බත්පත දෙකට බෙදා අනුභව කරන තරම් ඉතාමත් සාමකාමී තත්ත්වයක්‌ පැවැති බවත් සඳහන් කළ ඔවුහු මෙම සුළු පිරිස පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යෑයිද කීහ.

මීට පෙරත් සිංහල මාධ්‍ය සිසුවකුගේ කනට ගැසීමේ aසිද්ධියක්‌ සම්බන්ධයෙන් පාලනාධිකාරිය කිසිදු පියවරක්‌ නොගත් බවද මෙවර පහරදීමට සම්බන්ධ වන්නේත් එම සිසුන් පිරිස බවද ඔවුහු තවදුරටත් කියා සිටියහ.

තමන් පෙනී සිටින්නේ සිංහල මාධ්‍ය සිසුන් සඳහා පමණක්‌ නොවන බවද අගතියට පත් සියලු සිසුන් වෙනුවෙන් පෙනී සිටින බවද තම සංසදයට කිසිදු දේශපාලන සම්බන්ධයක්‌ නොමැති බව ද ඔවුහු පැවසූහ.

– දිවයින

Related posts

හකීම්ගේ ත්‍රස්ත සුරතල්… තවත් සාක්ෂි ලීක් වෙයි… බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් ගේ (සහරාන්ගේ මල්ලි) සුව දුක් බලන්න ගිහින්….

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin