Colombo Today Local News

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව සේ සැලකෙන බැඳුම්කර සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබියදීත් ජාතික විගණන පනත සම්මත නොකර යහපාලන ආණ්ඩුව නිහඬව බලා සිටින බවට රාජ්‍ය විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව රජයට චෝදනා නඟයි.
ජාතික විගණන පනත අනුමත කිරීම 2015 ජනවාරි 08 වැනි දින බලයට පත්වූ යහපාලන රජයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් බවට පත්ව තිබුණද වසර දෙකක් ඉක්ම ගොස් තිබියදීත් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා පසුබට වී ඇති බව රාජ්‍ය විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.

රාජ්‍ය විගණනය ශක්තිමත් කර රාජ්‍ය සම්පත් ආරක්ෂා කරනවා වෙනුවට ගජමිතුරන්ට රටේ සම්පත් කොල්ල කෑමට ඉඩ සලසා දීමත් නීතිවිරෝධී ලෙස විවිධ ව්‍යාපාර කටයුතුවලට අවසර ලබාදීමටත් කටයුතු කරමින් සිටින මේ ආණ්ඩුවද එවැනි දූෂණයන් හෙළිදරව් කරන විගණකාධිපතිවරයා සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව හතුරකු සේ සලකා කටයුතු කරන බව එම සංගමයේ සම කැඳවුම්කරු කේ. එන්. එම්. කුමාරසිංහ මහතා පෙන්වා දෙයි.

බැඳුම්කර සිද්ධිය, ගල් අඟුරු සිද්ධිය, සහල් මිලට ගැනීම, වී මිලදී ගැනීම්, මුදල් අමාත්‍යාංශය, ලොතරැයි මණ්ඩලය යන සිද්ධි හා ආයතන සම්බන්ධ වාර්තා ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් වූයේ මෙම විගණකාධිපති දෙපාර්තමේන්තුව නිසා යැයි පවසන කුමාරසිංහ මහතා රාජ්‍ය විගණනය ශක්තිමත් කර මහජන සම්පත් සුරක්ෂාව තහවුරු කිරීමට මෙම පනත වහාම සම්මත කරන ලෙස රජයට අවධාරණය කර සිටියි.

එසේ නොකළොත් ඉදිරියේදී මහජන අරගලයක් දියත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධව ඊයේ (29දා) කොළඹ මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේදී කුමාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ගල් කොරියකින් අල්ලස් අරන් හසුවූ ගම්පහ මිලාන් ජයතිලක පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලයි. ජනතාව නොසතුට පළකර සිටියි.

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

වව්නියාව රණවිරු ගමට පැන්න කොටි පිස්තෝල කල්ලියේ සින්නවන් අත්අඩංගුවට !

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ගෝඨාභය CIDයට.. ලගදීම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වයි

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday