Colombo Today Local News

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න අනුමැතිය

පසුගිය දා ජීවිතක්ෂයට පත් වු “නැඳුන්ගමුවේ රාජා” හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහැර මංගල්‍යයන් සඳහා සහභාගි වී ඇති නැඳුන්ගමුවේ රාජා හස්තියා 2005 වසරේ සිට 2021 වසර දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම කරවූ මංගල හස්තිරාජයා ය.

නැඳුන්ගමුවේ රාජා හස්තියා පසුගිය මාර්තු මස 7වනදා ජීවිතක්ෂයට පත් වූ අතර මේ වන විට එම හස්තියාගේ මෘත ශරීරය සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබේ.

Related posts

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමි

colombotoday

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

තල්මසකු අල්ලා විකිණීමට ගිය ධීවරයින් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday