Colombo Today Local News

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

යාපනය ප්‍රදේශයේ රෝහල්වල මේ දිනවල පවතින උග්‍ර ලේ හිඟය හේතුවෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියක්‌ නමක්‌ ඊයේ (25 දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීම සඳහා යාපනය මහ රෝහලට වැඩම කළහ.

උන්වහන්සේලා යාපනය මහරෝහලට ලේ පරිත්‍යාග කිරීම සඳහා වැඩම කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අභයතිස්‌ස හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලේ පරිත්‍යාග කිරීමට යාපනයට වැඩම කළේ යාපනය මහ රෝහලේ ලේ හිඟයක්‌ පවතින බව මාධ්‍ය මගින් දැනගැනීමෙන් අනතුරුව බවයි.

සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව යමින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට තමන් එක්‌ වූ බව ද අනතුරකට හෝ රෝගී භාවයට පත්වූ අයකුට උදව් උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය, කුලය පිළිබඳව විමසීමක්‌ නොකළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Related posts

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday

මුස්ලිම් දෙපාර්තමේන්තුව හොරාගේ අම්මගෙන් පේන අසයි. – වහබ්වාදීන් සිටින කමිටුවකින් අරාබි විද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා ගනියි.

colombotoday

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

Admin

වෙනදා දන්සල් 6000යි… මෙවර 95යි…

colombotoday

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

බොරු අතේ මාට්ටු.. “ඇඹිලිපිටිය ASPට ඇමතුම් දුන්නේ පොලීසියමයි” – නි.ඇමති සාගල

colombotoday