අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (23 දා) පෙරවරුවේ අත්සන් තබන ලදී.
පනත් කෙටුම්පතට කථානායකගේ අත්සනතමන් අදාළ පනත් කෙටුම්පතට අත්සන් තැබූ බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් නිවේදනය කළේය.
විපක්ෂයේ සිටින එජනිස මන්ත්රීවරුන්ගේ කලබලකාරී හැසිරීම මැද්දේ මෙම පනත් කෙටුම්පත පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. එය පනතක් බවට පත්වන්නේ කථානායකවරයා විසින් අත්සන් තැබීමෙන් පසුවයි.