Colombo Today Local News

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ලෙසින් නිකුත් කෙරෙන ඇතැමුන්ගේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නිහඬ කිරීමට බලධාරීන් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයට රජයේ අවධානය යොමු විය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි හිමියෝ පවසති.

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදය ඇවිස්සෙන ලෙසින් කටයුතු කරද්දී ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන භික්ෂුන් වහන්සේලා නිහඬ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිමින් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ පසුගිය 20 වැනි දිනයේදීය. එම නිවේදනය අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අස්සනින් නිකුත් කොට තිබිණි.

සිංහල බෞද්ධයන් එල්ල කොට නව නීති සම්මත කිරීමක් අවශ්‍ය නොවන බවත් අනාගතයේදී මේ සම්බන්ධව රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැඟුණහොත් රජය එයට වගකිව යුතු බවත් එම නිවේදනයේ පැහැදිලිව සඳහන් කොට තිබූ බව නියන්ගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ අඩංගු කරුණු සමඟ තමන් වහන්සේ එකඟ වන බවත් එහි දක්වා ඇති අදහස් අනුමත කරන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ සඳහන් කරති.

පශ්චාත් යුද සමයකදී සිදුකළ යුතුව ඇති බොහෝමයක් දේ ඇති අතර ජාතීන් අතර සංහිඳියාව ඉන් එකක් බව විජිතසිරි හිමියෝ පවසති. සංහිඳියාව සියලු ජාතීන්ට සාධාරණ යුක්ති සහගත මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයන් රැකෙන අයුරින් සිදුවිය යුතු දෙයකැයි නියන්ගොඩ විජිතසිරි හිමියෝ වැඩිදුරටත් පවසති.

මව්බිම

Related posts

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

Admin

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday

වනාතමුල්ලේ කාන්තාවකගෙන් මත්ද්‍රව්‍ය ලබාගත් තිදෙනෙක් ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ අත්අඩංගුවට

colombotoday

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

colombotoday