Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක නිරත වන බව එම සංගමය නිවේදනය කරයි.

සයිටම් විරෝධී සිසුන්ට ඊයේ (21දා) එල්ල කරනලද පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීමට සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කර ගනිමින් මතු වී ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය කැඳවන ලද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය පැවැතියද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද හෙතෙම සඳහන් කර තිබේ.

අද මධ්‍යාහ්න 12.00 ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර වර්ජනය කොතෙක් කාලයකට බලපැවැත්වෙන්නේද යන්න සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග එම හමුවේදී තීන්දු කෙරෙන බවද පැවසේ.

සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ (21දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. සිසුන් පළවා හැරීමට පොලිස් කරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණු අතර, මෙහිදී සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 96 දෙනෙකු ඊයේ රෝහල් ගත කර තිබුණි.

Related posts

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin

“ජාත්‍යන්තර නීතිය නවන ඇමරිකානු රූකඩ එපා !” ජනිපෙන් බැන් කී මූන්ට විරෝධය

colombotoday