Colombo Today Local News

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමාගේ කීර්තිනාමයට සිදුකළ අපහාසය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත‍්‍රී සහ ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි ගෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

ඉකුත් 2016 වසරේ ජූලි 14 වැනිදා කොළඹ ෆයිප් පාරේ එක්තරා ස්ථානයකදී පූජ්‍ය පක්ෂ හා මහජන බුද්ධිමතුන්ගේ සභාවක් මඟින් පැවැත්වූ මාධ්‍යයට කරුණු දැක්වීමේ හමුවකදී දේශපාලනඥයෙකු හා ව්‍යාපාරිකයෙකු වූ වගඋත්තරකරු විසින් තම කීර්තිනාමයට අපහාසයක් සිදුවන අන්දමේ අදහස් දක්වා ඇති බවත් එසේම තමන් හා තම පවුලේ අය සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් සිය පැමිණිල්ල මඟින් අයෝජන මණ්ඩල සභාපතිවරයා පෙන්වා දෙයි.

එම මාධ්‍ය හමුවේදී වගඋත්තරකරු තමා ගැන සඳහන් කළ දෑ තමන් දැනට දරණ අයෝජන මණ්ඩල සභාපති තනතුරේ කටයුතු කිරීමේදී වඩාත් හානිදායක ලෙස බලපාන බවත් එම ප‍්‍රකාශ ද්වේශ සහගත හා නීතීවිරෝධි බවත් පැමිණිලිකාර ජයසූරිය මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම ප‍්‍රකාශයන් හිංසාකාරී සහ පීඩාකාරී එකක් වන බවත්, සමාජයේ කීර්තිනාමයට ලක්වූ පුද්ගලයෙකු ලෙස තමාට වගඋත්තරකාර හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයාගෙන් දැඩි අගතියක් සිදුව ඇතැයි එහි සඳහන් වේ.

එබැවින් තම කීර්තිනාමයට හා සමාජ ප‍්‍රතිරූපයට සිදුවූ අපහාසයට සහ හානියට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් හා එම සමස්ත මුදල ගෙවා නිම කරන දිනය තෙක් වන නෛතික පොලියද වගඋත්තරකරුගෙන් අයකර දෙන්නැයි පැමිණිල්ලේ සඳහන්ව ඇත.එසේම අධිකරණයට හැගෙන වෙනත් සහ වැඩි සහනද හා නඩු ගාස්තුද ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

වඳ වී ඇතැයි සිතා සිටි ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ග‍ය ඉදිකිරීමේදී හමුවෙයි. පවතින තැනින් ගලවා යළි රෝපණයට අවසර

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

colombotoday

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

colombotoday

නව ව්‍යවස්ථාව ෆෙඩරල් තමයි! ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇලවූ ඒකීය ලේබලයත් සම්බන්ධන් ගලවා විසි කරයි…

colombotoday