Colombo Today Local News

මෙච්චර ලොකු අමාත්‍යාංශයක් දීලත් වැඩක් කරගන්න බැරිද – ජනපති චම්පිකගේ මූණටම අසයි

පාඨලී චමිපික රණවක යනු ශ්‍රී ලංකාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාය.චම්පික ඇමතිවරයා ඉංජිනේරුවෙකි එබැවින් අප අපේක්ෂා දල්වාගෙන සිටියේ ඔහු මෙම කුණු ප්‍රශ්නය විසඳනු ඇතැයි කියාය. නමුත් තවමත් කුණු ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබී නොමැත.

පසුගියදා “වෝටර්ස් එජ් හෝටලයේ ” පැවතී කසලින් තොර ලංකාවක් තැනීම සඳහා පැවතී සම්මන්ත්‍රණයකදී 2030 වන විට කසල කළමනාකරණය කොට මෙරට කසල ගැටලුව විසඳීමට අවශ්‍ය පියවරයන් සාකච්චා කෙරුණත් මේ වනතෙක් කිසිවක් ක්‍රියාත්මක නොවීමට චම්පික රණවක අමාත්‍යවරයා වගකිව යුතුය. තවද එදා පරිසර අමාත්‍යවරයා ලෙස චම්පික අමාත්‍යවරයා කටයුතු කරන කාලයේ මෙරට කසල කළමනාකරණයට විදෙස් සමාගම් 63ක් පැමිණියත් ඉන් එකකටවත් මෙම කසල කළමනාකරණය භාර නොදීම සම්බන්දවද චම්පික අමාත්‍යවරයාට ඇඟිල්ල දිගු වනවා. එමෙන්ම ඔබතුමාගේ පොත්පත් හා ලිපි වල තිබෙන න්‍යාය කරුණු ප්‍රායෝගිකව කිරීමට ඔබ අසමත් වන්නේ ඇයි? චම්පික ඇමතිතුමනි කොළඹ හරිත නගරයක් කිරීමට ලක්ෂ ගණන් වියදම්කර සම්මන්ත්‍රණ පැවැත්වූවාට එහි කිසිදු ඉදිරි පියවරක් අපට දක්නටද නැත.මීතොටමුල්ල මෙන්ම ගම්පහ, බ්ලුමැන්ඩල්, අම්බුළුවාව,ගම්පහ ඇතුළු මහා කුණු කඳු රටට බරක් නොවී ආදායමක් කර ගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් පැවතියත් අපේ රටට ඒවා හඳුන්වා දීමට රජය මැදිහත්ව කටයුතු නොකිරීමට අදාළ පාර්ශව වගකිවයුතු සේම රජය යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යනවිට දේශපාලන පක්ෂ පාට නිසා ඒවාට විරුද්ධ වන ජනතාවද ඒවාට සෘජුවම වගකීම භාරගත යුතුය.

අතීත පාලකයන් කල වැරදි හා තිරසාර නොවන ක්‍රියාමාර්ග නිසා විපතට පත් වි සිටින්නේ වෙන කවුරුත් නොව අහිංසක ජනතාවයි. ජනතාව දේශපාලකයන් පිළිකුල් කරන තත්වයකට අද පත්වී සිටි.මීතොටමුල්ල පමණක් නොව මේ වන විට කොලබ නගරයේද කුණු ගොඩගැසී ඇත.ඒවා ඉවත් කිරීමටවත් මෙම අමාත්‍යවරයාට නොහැකි වී ඇත.අමාත්‍යවරයාගේ අකාර්යක්ෂමතාවය දිගින් දිගටම දුටු ජනාධිපතිවරයා නොබෝදා පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයාට ඇගිල්ල දිගු කොටම චෝදනා එල්ල කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ තරම් ලොකු අමාත්‍යාංශයක් පවරලත් කොලබ කුණු ටිකවත් ඉවත් කරන්න වැඩපිළිවෙලක් තවමත් සකස් කර නැත්ද යනුවෙනි.මෙය ඇසු පාටලී අමාත්‍යවරයාට ඉන්න තැනත් අමතක විය.

lankanews24

Related posts

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

colombotoday

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

colombotoday

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

colombotoday

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday