Colombo Today Local News

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එහි විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මෙරට රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් මත ලබා දුන් වාර්තාවක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය වසරේ අප්‍රේල් 29 සිට මැයි 7 වන දින දක්වා මෙරට රැදී සිටිමින්, විවිධ පාර්ශව සමග කල සාකච්ඡාවලින් අනතුරුව “එක්සත් ජාතීන්ගේ යෝජනාව පරිදි යුධ අපරාධ පරීක්ෂණය සිදු කිරීම සදහා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට හැකියාවක් නොමැති බව“ සදහන් කරමින් මොනිකා පින්ටෝ විසින් අදාල වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළේය.

Related posts

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

පාස්කු වාර්තාව අධ්‍යයනයට පත්කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ සලකා බැලීමට කල් ඉල්ලයි

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday