රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශ පරිශ්‍ර යේ කාමර අටක් අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අල්ලා ගැනීම නිසා ඇතිවූ ආරවුල මේ වන විට නිමාවට පත්ව ඇති අතර ඒ අනුව අද (19) පෙරවරුවේ ඇමතිවරයා වැඩ බාර ගැනීමට නියමිතය.
අමාත්‍යාංශ කාර්ලායල කබීර් හෂීම් ඇමතිවරයා විසින් අල්ලා ගැනීම නිසා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලෝක වෙළද මධ්‍යෂ්ථානයේ නැගෙනිහිර කුළුණේ 23 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යෑමට කොටසක් වෙන්කරවාගෙන ඇති අතර ඒ සදහා රුපියල් මිලියන දෙකක මාසික කුළියක් වැය කිරීමට රජයට සිදුව තිබේ.