Colombo Today Local News

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

හමුදා සාමාජිකයන් කිසිසේත් ම කසල එකතු කරන්නන් බවට පත් කරන්නේ නැති බවත් ඔවුන් කසල කළමණාකරණ වැඩසටහන සඳහා යොදාගන්න බවත් ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ දෛනිකව කසල වැඩි වශයෙන් එක්රැස්වන ස්ථාන පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම පමණක් යුද හමුදා සාමාජිකයන් මගින් සිදුවන බවයි.

ඒ සඳහා කොළඹ නගරය අශ්‍රිතව යුද හමුදා භට කණ්ඩායම් යොදවා අතර නීතිවිරෝධීව කසල බැහැර කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද විවිධ ස්ථානවලට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එම නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදීමද යුද හමුදා භට කණ්ඩායම් විසින් සිදුකරනු ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

Related posts

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

colombotoday

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin