Colombo Today Local News

ඥාණසාර හිමිගේ ජාතිකානුරාගය චම්පික, රතන හිමි දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ හැටි බොදු බළේ හෙළිකරයි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් කොන්ත්‍රාත්කරුවෙකු යැයි දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව සහ විපක්ෂය චෝදනා කරත් උන්වහන්සේ පසුගිය වසර 20කට අධික කාලයක් නොවෙනස්ව කරනු ලබන එකම කොන්ත්‍රාත්තුව වන්නේ රටේ ඒකීය භාවය  බුද්ධ ශාසනය හා සිංහල ජාතිය සුරැකීම බව බොදු බල සේනා සංවිධානය පවසයි.

ඥාණසාර හිමියන්ගේ ජාතිකානුරාගය තම දේශපාලන අරමුණු වෙනුවෙන් චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් පාවිච්චි කළ බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ චම්පික රණවක සහ රතන හිමියන් සිංහල බෞද්දයන් වෙනුවෙන පෙනී සිටිම මගහැරිය බැවින් ඒ වෙනුවෙන් ඥාණසාර හිමියන්ට පෙනී සිටිමට සිදු වූ බවයි. එබැවින් ඥාණසාර හිමියන් මේවන විට මුහුණ දී සිටින තත්ත්වයට චම්පික රණවක හා රතන හිමියන් වගකිව යුතු බවද දිලන්ත විතානගේ මහතා කියා සිටියේය.

මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඥාණසාර හිමියන් සදහන් කර සිටියේ ජාතික ව්‍යාපාර වෙනුවෙන් තම තරුණ දිවියම කැප කළ තමන්, ඉන් වැඩි හරියක් වැය කළේ රතන හිමියන් ජාතික ව්‍යපාරයේ පෙරට ගෙන ඒම සදහා බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීම සහා සිංහල බෞද්ධයන්ගේ ගැටළුවලට කන් නොදුන් චන්ද්‍රිකා – රනිල් රජය පෙරළා දමා, සිංහල රාජ්‍ය පිහිටුවීම සදහා දළදා වහන්සේ පැහැරගෙන එන්නැයි රතන හිමියෝ එදා තමන්ට පැවසූ බවත් ඥාණසාර හිමියෝ සදහන් කර සිටියහ. එදා එලෙස තරුණ භික්ෂූන් වහන්සේලාගේ මොරාල් හැදූ රතන හිමියන්, දැන් යහපාලනයට වැදී සිංහල බෞද්ධයන්ගේ ගැටළු හා ජාතික උවදුරු අමතක කරමින් වෙනත් බහුබූත දොඩවමින් සිටින බවද උන්වහන්සේ දැඩිලෙස චෝදනා කර සිටියේය.

Related posts

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

Admin

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

colombotoday