Colombo Today Local News

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු සහ සයිටම් අර්බුදය සම්බන්දයෙන් විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) මුලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේදී ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල විය.

එම අවස්ථාව සදහා සාධාරණ සමාජයක් උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන ඇතුළු සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ.

මෙහිදී අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන ලෙස අප මූලික වශයෙන් මතු කර සිටියේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව කෙරෙන සටන තුල අධ්‍යාපනය සම්බන්ධයෙන් වන මුලධාර්මික ප්‍රශ්න වර නැගිය යුතු බවයි.

“අධ්‍යාපනය” යන්නෙහි සැබෑ පරමාර්ථ මොනවාද? දැනට පවතින විභාග කේන්ද්‍රීය සහ රැකියා කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුල අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය වන විචාරශීලී චින්තනයෙන් යුතු නිදහස්, නිවහල් පුරවැසියෙකු බිහි කිරීම යන්න යටපත් වී ඇත්තේ කෙසේද? පෞද්ගලික, ලාභය පෙරටු කරගත් අධ්‍යාපන ක්‍රමවේදයකින් මේ තත්වය තවදුරටත් උග්‍ර වන්නේ කෙසේද? වැනි කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු බව අප එහිදී මතු කර සිටියෙමු.

Related posts

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සමග ඩීල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ – ජනපති කියයි

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin