Colombo Today Local News

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

යම් ආගමකට හෝ ජනවර්ගයකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අයට දැඩි ක්‍රියාමාර්ග ගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 දිවුරුම් දුන්නේ රට තුළ සංහිදියාව ඇති කිරීමට බවයි අගමැතිවරයා පැවසුවේ.

අවුරුදු 30 ක යුද්ධයකට මුහුණ දුන් අපි නැවත ගැටුම් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි අගමැතිවරයා පැවසුවේ.
සිංහල බෞද්ධයෙකු වීම සහ ශ්‍රි ලාංකිකයෙකු වීම සම්බන්ධයෙන් තමා ආඩම්බර වන නමුත් ශ්‍රි ලාංකිකයෙකු ලෙස තමන් සෑම ආගමකටම ගරු කරන බවයි ඔහු පැවසුවේ.වෙනත් ආගම් වලට නිගරු කරමින් ඒ සංකෘතින් හෙළා දැකීම ශ්‍රි ලාංකිකයෙකුට උචිත නොවන බව පෙන්වා දුන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ අප උත්සහ කරන්නේ සියළු දෙනාටම සම අයිතිවාසිකම් ලබා දෙමින් සියළු දෙනාටම සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගීමට බවයි.

ආගම් භේදය නිසා රටේ කීර්ති නාමයට පවා හානි සිදුවූ බව පෙන්වා දෙන අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතිවාදිව කටයුතු කරන අයට නිතීය තදින් ක්‍රියාත්මක කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1052465028186336/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

colombotoday