Colombo Today Local News

“මේ රට බෞද්ධ රටක්.. එය පිළිනොගෙන සංහිදියාවක් හැදිය නොහැකියි“ – හින්දු සම්මේලනය

ඉන්දියාවේ ජාතික අනන්‍යතාවය ‘හින්දු‘ වනවා සේම මෙරට ජාතික අනන්‍යතාවය ‘බෞද්ධ‘ යැයි පිළි නොගන්නා තෙක් මෙරට ජාතික සංහිදියාවක් ගොඩනැගිය නොහැකි බව සමස්ථ ලංකා හින්දු සම්මේලනය පවසයි.

ජූනි 06 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් එන්.අරූන්කාන්තන් මහතා මේ බව සදහන් කළේ ‘මේ රට සිංහල බෞද්ධ රටක් යැයි පිළිගැනීමට තමන් සූදානම් නැතැයි“ ජාතික සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඉන්දියාවේ විවිධ ආගම් අදහන පිරිස් කෝටි ගණනක් සිටියද ඒ සියල්ලම ‘හින්දු‘ අනන්‍යතාවයට අභියෝග නොකරන බවත්, එමෙන්ම මෙරට ‘බෞද්ධ‘ අනන්‍යතාවයට අභියෝග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ඒ මහතා සදහන් කළේය. මේ රටේ බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවය පිළිගැනීමෙන් වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමකට අගතියක් නොවන බවද ඔහු සදහන් කළේය.

මේ රටේ සැබෑ සංහිදියාවක් ගොඩනැගීමට අවශ්‍යනම් ‘මේ රට බෞද්ධ රටක්‘ යැයි පිළිගෙන එතැන සිට වැඩ ආරම්භ කරන්නැයි තමන් මනෝ ගනේෂන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එසේ බැරිනම් ඇමතිකම අතහැර වෙනත් අතක් බලාගැනිම වඩාත් සුදුසු යැයිද අරුන්කාන්තන් මහතා අදහස් දක්වමින් පැවසීය.

 

Related posts

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

වෙනත් රටක ආශිර්වාදයෙන් ප්‍රභල මාරුවක්

Admin

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday