Colombo Today Local News

මාතර පාලටුව ගුණරතන මාධ්‍යමහා විධයාලයේ විදුහල්පතිට එරෙහිව උද්ඝෝෂණයක්


මාතර පාලටුව ගුණරතන මාධ්‍යමහා විද්‍යාලය ඉදිරිපිට දැවැන්ත දෙමාපිය විරෝධතාවයක් මේ වනවිට පැවැත්වෙමින් පවතින බව වාර්තා වෙනවා.
පාසලේ විදුහල්පති ඉවත්කරන ලෙස බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන අතර ආදිශිෂ්‍ය සංගමය හා දරැවන්ගේ දෙමව්පියන් දහසකට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්වී තිබෙනවා . විරෝධතාවය හේතුවෙන් මාතර අකුරැස්ස පුධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගන ඇත.
ළමුන් 2000ක් පමණ අධ්‍යාපනය ලබන මිශ්‍ර පාසලක් වන ගුණරතන මධ්‍යමහා විද්‍යාලයේ අද්‍යාපනය බිඳ වැටි ඇති බවත් විදුහල්පතිවරයා ගුරැවරියන් සමග ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන පාසල තුල අශෝභන විදියට හැසිරෙන බවට සහ දෙමාපියන්ගෙන් අල්ලස් ගන්නා බවට උද්ඝෝෂණයට සහබගිවූ දෙමාපියන් චෝදනා කර සිටියා.

-චතුර දේශාන් – මාතර –

Related posts

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday