Colombo Today Local News

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (07) මිල ගණන් වහාම අඩු කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසිය විස්සකටත් (120), සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් හැටකටත් (60), කැඩුණු සහල් කිලෝවක් රුපියල් පනස් නවයකටත් (59), පරිප්පු කිලෝවක් එකසිය පනස් නවයකටත් (159), මුං ඇට කිලෝවක් රුපියල් එකසිය අනූපහකටත් (195), ලොකු ලූනු කිලෝවක් රුපියල් එකසිය දහයකටත් (110), වියළි මිරිස් කිලෝව රුපියල් දෙසීය විස්සකටත් (220), දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

colombotoday