ශ්රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් සිදු කරන උද්ඝෝෂණයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. මේ වනවිට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් කැදවා ඇති අතර අසල මාර්ගයද වසාදමා තිබෙන අතර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර තරමක උණුසුම් තත්වයක් මේ වනවිට හටගන තිබෙනවා.
මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැලදීම රජය විසින් තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර පසුගිය වසරේ අවස්ථා කිහිපයකදීද මීට සමාන උද්ඝෝෂණ විවිධ ස්ථානවල පැවැත්වුනා.