Colombo Today Local News

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රීලනිප ඇමැතිවරුන් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව ශ්‍රීලනිප ස්ථාවරයට පටහැනිව සකස් කෙරෙන්නේ නම් ඊට සහාය නොදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එම ව්‍යවස්ථාවට විරුද්ධව පෙළ ගැසීමට ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් පිරිසක් රහසේ සාකච්ඡා කරමින් ඇති බවයි.

පසුගියදා රැස්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදීද සිංහලෙන් “ඒකීය” ලෙස තිබෙන වචනය ඉංග්‍රීසියෙන් (එක්සත්) ලෙස තැබීමට නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලනිප කණ්ඩායම විරෝධය පළකොට තිබේ. එහෙත් එහිදී එකඟතාවකින් තොරව එම සාකච්ඡා අවසන් වී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද ශ්‍රීලනිප එකඟ වී නොමැති බව වාර්තා වේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ලොබියේදී එම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් මුණගැසී අවුරුදු 5ක් රජයේ නොසිටිය යුතු බවටද සාකච්ඡා කොට තිබේ. එක් පක්ෂයක් ආණ්ඩුව කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී ඇත.අවුරුදු 5ක් යනතුරු ආණ්ඩුවේ රැඳී සිටිය හොත් ඊළඟ මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී යනු ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇති අතර ඒ නිසා මේ වසරේ අය-වැය වනවිට වෙනසක් සිදුවිය යුතු බවද ඔවුහු අවධාරණය කොට සිටිති.

Related posts

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday

වෙල්ගම විපක්ෂයෙන්, රතන හිමි සහ වසන්ත ආණ්ඩු පක්ෂයෙන් අසුන් ඉල්ලති

colombotoday