Colombo Today Local News

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන වලට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුලු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් කොළඹ දිසා අධිකරණයේ හා මීගමුව දිසා අධිකරණයේ නඩු 284 ක් ගොනු කරනු ලැබුහ.

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානවල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු බව පවසන පෙත්සම්කරුවෝ මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 102ක් කොළඔ දිසා අධිකරණයට හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කළහ.

Related posts

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday

බස්නාහිර ඉඩම්වලින් 2%ක ‘ඩෙංගු බද්දක්‘.. අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

colombotoday