Colombo Today Local News

මහනුවර පාසල් සිසුන්ට විකුණන්න හැදූ මත් පැකට් 16000ක් අකුරණින්, කටුගස්තොටින් අල්ලයි !

මහනුවර හා ඒ අවට පාසල් සිසුන් සදහා අලෙවිකිරීම සදහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ හතළිහක පමණ වටිනාකමින් යුතු දුම්කොල ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිෂ්පාදන තොගයක් හා ඒවා අලෙවි කරන බවට සැකපිට පුද්ගලයන් විසිදෙනෙකු (20) මහනුවර සුරාබදු ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරය, කටුගස්තොට හා අකුරණ නගරවල දී මෙම වැටලීම සිදුකොට මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සදහා යොදා ගැනෙන අලුහුණු තොගයක් ද සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුහුණු ඇතුලුව වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මෙම මත්ද්‍රව්‍ය පැකට් 16 000ක් සුරාබදු නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර මෙම භාණ්ඩ සුරා බදු කොමසාරිස්වරයාගේ නිර්දේශ මත විනාශ කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් ගාමිණී අධීකාරී මහතාගේ උපදෙස් මත මහනුවර සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.අයි රාමනායක මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

නදීක දයා බණ්ඩාර

Related posts

ඔක්කොම දෙන්නම් කියද්දීත් පෙළපාලි ආවේ පෙරටුගාමීන් වෙනුවෙන් කොක්කක් ඇදගන්න

colombotoday

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

colombotoday

යළිත් හමුදාපතිකම භාර ගන්නැයි ජනපති ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලයි !

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday