World

“මේ පැත්ත පළාතෙ එනු එපා“ – ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ට්‍රම්ප්ට අනතුරු අගවයි !

නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ.

පසුගිය සමයේදී ලන්ඩන් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට නොහැකිවූ හේතුව මුස්ලිම් ජාතිකයෙකු එම නගරයේ නගරාධිපතිධූරය දැරීම බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ. මෙවන් ප්‍රහාර නැවත ඇති නොවීමට අයි එස් ත්‍රස්තයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

එංගලන්තය විසින් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි හානි ගෙන දෙන බව ලන්ඩන් නගරාධිපතිවරයාගේ මතයයි.

කෙසේ වුවද සිය රටට පැමිණෙන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට එංගලන්ත අග්‍රාමාත්‍ය කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

Related posts

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

colombotoday

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday