Colombo Today Local NewsHot News

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

2025 වසර වන විට මේ රටේ පාලනය බලය ඇල්ලීම සදහා ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව, ඉස්ලාමීය අන්තවාදී කොටස් ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරුන්කාන්තන් මහතා හෙළිදරව් කරයි.

අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මුල්වරට මේ පිළිබදව කරුණු හෙළිකර සිටියේය.

“ටච් 2025“ ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමට අනුව 2025 වන විට ඉස්ලාම්, කිතුණු, ආගම් රට පුරා ව්‍යාප්ත කරමින්, බෞද්ධ ප්‍රතිශතය ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු ජනගහනයේ එකතුවට වඩා සුළුතරයක් බවට පත්කළ යුතු අතර, ඉන් අනතුරුව එළඹෙන ජනාධිපතිවරණයකදී හෝ රාජ්‍ය නායකයා තෝරාගනු ලබන මැතිවරණයකට සිංහල බෞද්ධ නොවන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.

මෙම සැලසුම සාර්ථක කරගැනීම සදහා රහසිගත වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත්, ඒ සදහා හින්දු සමාජය වෙනුවෙන් නායකත්වය දෙන්නේ නම් රුපියල් කෝටි 15ක මුදලක් තමාට ලබා දෙන බවත්, තමන්ව ඇමතු “ග්ලෝබල් ටැමිල් ෆෝරම්“ හි ප්‍රධානී එස්.ජේ. එම්මානුවෙල් පූජකවරයා පැවසූ බව, හින්දු සම්මේලන සභාපති අරුන්කාන්තන් මහතා මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේය.

අරූන්කාන්තන් මහතාගේ අනාවරණය පහත වීඩියෝවේ පැය 01.10 සිට

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1460780387275317/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

 

Related posts

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කරන්න. 69 ලක්ෂය ගොනාට අන්දන්න හදන්න එපා. – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාව ගැන සුදත්ත හිමියෝ කියති.

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

colombotoday