Colombo Today Local News

කතරගමදී මිනිසුන් මරන පොලිසියට යාපනයට ගියාම ඉන්න වෙන්නේ කුක්කො වගේ

යහපාලන ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වක්‍රානුකූලව ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වවුනියාවේදී පොලිස් නිලධාරීන් අමතමින් යහපාලන ආණ්ඩුව හොදයි නේද කියමින් පොලිස්පතිවරයා කතා කළ බවත් ඔහු සමඟ කොළඹින් ගිය පොලිස් ගෝලයන් දෙදෙනකු අසල සිට එහෙමයි සර් යනුවෙන් එය අනුමත කරමින් සිටි බවත් මහනුවර මහයියාවේදී පෙරේදා (21දා) පැවැති ජන හමුවකදී හිටපු ජනාධිපතිවරයා කීවේය.
කතරගමදී මිනිසුන් මරා දමන පොලිසිය යාපනයේදී කිසිසේත්ම එවැන්නක් නොකරන බවත් එසේ කළා නම් ඔවුන්ගේ කෑලි ඉතිරි නොවන බවත් කී ඒ මහතා මෙසේද පැවසීය.
යාපනයට යන අයට ඉන්න වෙන්නේ කුක්කො වගේ. නමුත් හැමෝම එහෙම නෑ. හොඳ නිලධාරීන් ඉන්නවා. නමුත් ජනාධිපතිවරයාටත් පාලනය කළ නොහැකි පොලිස්පතිවරයෙක් අද යහපාලන ආණ්ඩුව දිනවීමට කටයුතු කරනවා. වවුනියාවේදී කොළඹින් ගිය නිලධාරීන් පොලිස්පතිවරයාගේ කතාව අනුමත කර තිබුණත් වවුනියාවේ පොලිස් නිලධාරීන් එය අනුමත කර නැහැ. කවුරුවත් කට ඇරලා නැහැ.

තැපැල් ඡන්දයේදී ඡන්දය දෙන්න කියා නොකියන පොලිස්පතිවරයා යහපාලන ආණ්ඩුව හොඳ යැයි කියමින් ඊට ඡන්දය ලබා දිය යුතු බව අවධාරණය කරනවා. පොලිස්පතිට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. මේක ඡන්ද නීතියට විරුද්ධයි. මේ පිළිබඳව අප පැමිණිලි කිරීමට කටයුතු කරනවා. දේශපාලනඥයන් වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස්පතිට කිසිදු අයිතියක් නැහැ.

Related posts

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

colombotoday

CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

colombotoday