කටාර් රියාල් ශ්රී ලංකා රුපියල්වලට මාරු කරගත නොහැකිව කටාර් සිට පැමිණි ශ්රී ලාංකිකයින් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී දැඩි අපහසුතාවට පත්වූහ.
නැවත දැනුම් දෙනතුරු කටර් රියාල් හුවමාරු කිරීම සඳහා භාර නොගන්නා ලෙස, මහ බැංකුව මගින් තමන් වෙත උපදෙස් ලැබී ඇති බව අදාළ බැංකු ශාඛා ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු වෙත දැනුම් දී තිබේ.
කටාර් රාජ්ය සමග රාජ්යතාන්ත්රික සබඳතා නතර කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් 6ක් පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, දැනට කටාර් ගුවන් යනා සඳහා සෞදි ආරාබිය හා ඊජීප්තුව සිය ගුවන් අවකාශය තහනම් කර ඇති බව ය.