Colombo Today Local News

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

මුලතිව් ආරක්‌ෂක සේනා මූලස්‌ථාන හමුදා කඳවුර හරහා නන්දිකඩාල් දක්‌වා නව මහා මාර්ගයක්‌ ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ආරක්‌ෂක සේනා මූලස්‌ථාන කඳවුර කොටස්‌ දෙකකට බෙදී වෙන්වන අතර, මේ වන විටත් හමුදා කඳවුරට අයත් භූමියේ මාර්ගයේ කොටසක්‌ ඉදිකර කාපට්‌ කිරීමද සිදුකර අවසන්ව ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නන්දිකඩාල් වෙත ගමන් කිරීමට මුලතිව් නගරය දෙසින් සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් නවීන මාර්ග දෙකක්‌ම තිබියදී ඉතාම ප්‍රාථමික මට්‌ටමේ තිබූ ගුරු පාරක්‌ විශාල කරමින් මෙම නව මාර්ගය ඉදිකරන බවද පැවසේ. මෙම නව මාර්ගය ඉදිකිරීමෙන් පසු දෙකට බෙදී යන ආරක්‌ෂක සේනා මූලස්‌ථාන කඳවුරෙන් කොටසක්‌ ජනතාවට බෙදා දීමට සැලසුම් කර ඇත.

එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු යුදමය වශයෙන් ඉතාම වැදගත් වූ මර්මස්‌ථාන භූමියක මෙම මුලතිව් ආරක්‌ෂක සේනා මූලස්‌ථානය ස්‌ථාපිත කිරීම සිදුවිය.මේ අන්දමට ආරක්‌ෂක සේනා මූලස්‌ථාන කඳවුර දෙකට බෙදී යන ලෙස මාර්ගයක්‌ ඉදිකර කොටසක ඉඩම් ජනතාවට ලබා දීමේදී කඳවුරේ ආරක්‌ෂාවට විශාල තර්ජනයක්‌ එල්ල වීමේ තත්ත්වයක්‌ නිර්මාණය වන බවද සඳහන් වේ.

දිවයින

Related posts

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday