
මෙම බෝම්බ පිපිරීම නිසා හත් දෙනකු මිය ගොස් ඇති අතර 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇතැයි කියැවේ.
ශ්රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය සහ බෝම්බ පිපිරීම සිදුවූ ලන්ඩන් පාලම අතර සැතපුම් දෙකකට ආසන්න දුර ප්රමාණයක් වෙතත් ශ්රී ලංකා කණ්ඩායමේ කිසිවකු එදෙසට ගොස් නොසිටි බව ද කලමනාකරු රංජිත් ප්රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.