Colombo Today Local News

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

ලොව පැරණිම ඇටසැකිල්ල හමුවූ, ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයාමේ අනතුරකට මුහුණ දී තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයෙන් වහා ඉවත්වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තම විහාරස්ථානයට දැනුම්දී ඇති බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කයට මායිමිව පාහියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලතම ගල් ලෙන වන අතර වසර 58,000ක ප්‍රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියයි.

මේ ලෙන ඇතුළු ප්‍රදේශය නාය යෑමට ලක්වුවහොත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ගවේෂණය සඳහාත් මානව පරිණාමය පිළිබඳ තොරතුරු සෙවීම සඳහාත් ඉතා වැදගත් වූ පුරාවිද්‍යා සාක්‍ෂි සියල්ල අපට අහිමිවන බව ආනන්ද සාගර හිමියෝ කියා සිටිති.

Related posts

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin