Colombo Today Local News

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

පසුගිය මැයි 22දින සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනයට සමගාමීව නොදුරේදීම තවත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නියෝජ්‍ය මුදල් ඇමති ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ඉරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට නියමිත අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරන අනෝමා ගමගේ මහත්මිය පත් කිරීමට නියමිත ය.

හර්ෂ ද සිල්වා මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිත ය.

හර්ෂද සිල්වා මහතා මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ය.

Related posts

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday