අද දිනයේ සිය දිවා ආහාරය ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාවට පිරිනැමීමට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තීරණය කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ ආහාර පාර්සල් 6000ක් පමණ විපතට පත් පිරිසට බෙදා හැරීමට නියමිත බවයි.
සියළු රැදවියන් ස්වෙච්ඡාවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මෙම ආහාර පාර්සල් බෙදාහැරීම සදහා ශ්රී ලංකා පොලීසියේ සහය ලබා ගන්නා බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.