Colombo Today Local News

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

ගංවතුරෙන් සහ නායයාම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස් නැරඹීමට පැමිණි දහඅට දෙනෙකු මරණයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

අවදානම් කලාප තුළ සංචාරය නොකරන ලෙස පොලිසිය දිගින් දිගටම උපදෙස් දී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී පැවසීය.

“අවාසනාවකට එවැනි තත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 18දෙනෙකුගේ ජීවිත අහිමිවී තිබෙනවා, මෙම ප්‍රදේශවලට අනවශ්‍ය ආකාරයට ගිහිල්ලා ජලගැල්මට හසුවීම නිසා. ඒ නිසා අපි නැවත වතාවක් මහජනතාවට ඉතා උවමනාවෙන් කරුණාවෙන් දැනුම් දෙනවා නරඹන්නන් හැටියට මෙම ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වී ඇති කිසිදු ස්ථානයකින් මේ දක්වා භාණ්ඩ සොරකම් කිරීමක් හෝ මංකොල්ල කෑමක් පිළිබඳව වාර්තාවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සතුටින් දැනුම් දුන්ණේය.

Related posts

ලොව කිසිදු හමුදාවකට පනවා නැති නීතියක් ශ්‍රී ලංකා හමුදාවට පනවයි

colombotoday

වොක්ස්වැගන් ඉවරයි..! “හොන්ඩා, ටොයෝටා කර්මාන්ශාලා ලංකාවට ගේනවා” – සුජීව සේනසිංහ

colombotoday

ලක්ෂ ගණන් මුදල්වලට ප්‍රභූන්ට උස්බකිස්තාන් තරුණියන් විකිනූ කරුණා අම්මාන්.

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin