Colombo Today Local News

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට පත්කර ඇති ව්‍යවස්‌ථාදායක මෙහෙයුම් කමිටුවේ සම්බන්ධීකාරක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට රුපියල් ලක්ෂ 450ක වාහනයක් ගැනීම සඳහා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් ඊයේ (25) පාර්ලිමේන්තුව තුල උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ජනාධිපති නීතිඥ, ජයම්පති වික්‍රමරත්න මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ලෙසද කටයුතු කරයි.

ව්‍යවස්‌ථාදායක මෙහෙයුම් කමිටුවේ සමාජිකයන්ට හා නිලධාරීන්ට වාහන ගැනීම සඳහා විශාල මුදලක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

”ඇමැතිවරුන්ට වාහන ගේන්න අනුමත කර තිබූ පරිපූරක ඇස්‌තමේන්තු තාවකාලිකව නතර කරන්න පාර්ලිමේන්තු මුදල් කාරක සභාව පසුගිය 23 දා තීරණය කළා” යයි කියමින්, බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව රීති ප්‍රශ්නයක්‌ මතුකරමින් කතා කළ අවස්‌ථාවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරෝධය පළ කළේය.

”මේ වාහන ගන්නේ අමාත්‍යාංශයේ පාවිච්චියට මිසක්‌ ඇමැතිවරුන්ගේ පෞද්ගලික පාවිචිච්යට නොවේ. ඇමැතිවරයා යද්දී මේ වාහනය භාරදීලා යනවා. මේ අය හැමදාම ජනතාවට දෙන්න හදන්නේ වැරදි අදහසක්‌. ජනතාව නොමඟ යවන්න එපා” යයි සභානායකවරයා පැවසිය.

”බන්දුල ගුණවර්ධන මහතා අහන්න උත්සාහ කළ දේට නොවේ කිරිඇල්ල ඇමැතිවරයා උත්තර දෙන්නේ. මුදල් කොමිටිය පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරලා තියෙනවා. ඇමැතිවරුන්ට වාහන ගන්න එක නතර කරන්න කියලා.

එහෙම තියෙද්දී අලුත් ව්‍යවස්‌ථාවක්‌ හදන්න පත්කරලා තියෙන මෙහෙයුම් මණ්‌ඩලයේ ප්‍රධානීන්ට වාහන ගේන්න විශාල මුදලක්‌ වෙන් කිරීම ගැනයි මේ ප්‍රශ්නය. මෙතන ව්‍යවස්‌ථාදායක මෙහෙයුම් කමිටුවේ සාමාජික ජයම්පති වික්‍රමරත්න මහතා ඉන්නවා. එතුමාට කියන්න පුළුවන් කාට ද මේවා ගන්නේ කියලා.

Related posts

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරු වෙනුවට තාවකාලිකව හතර දෙනෙක් පත්කරයි

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin