Colombo Today Local Newsextremism & terrorism activities

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

පසුගිය සතිය පුරා දිවයිනේ ස්ථාන කිහිපයක මුස්ලිම් පල්ලි සහ කඩ සාප්පු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර තිබුණු අතර, ප්‍රහාර වලට සම්බන්ධ කිසිවෙකු මේවන තෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැහැ.

ප්‍රහාර එල්ලවන අවස්ථාවේ එම පල්ලි සහ වෙළදසැල්වල CCTV කැමරා දර්ශන ලබා ගැනීමට නොහැකි වීම නිසා සැකකරුවන් හදුනාගැනීමට බාධා එල්ල වී තිබෙන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ප්‍රහාර එල්ල කිරීමට පෙර යම්කිසි හේතුවක් මත CCTV කැමරා අක්‍රීය කර ඇතිදැයි යන්න සැකයක් මේ වන විට මතුවෙමින් තිබේ. මේ අතර මුස්ලිම් පල්ලි සහ වෙළදසැල්වලට ප්‍රහාර එල්ල කරගෙන ඒ හරහා වෙනත් පාර්ශවයකට චෝදනා කරමින් ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවට ජාතික සංවිධාන පාර්ශව චෝදනා කරයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවට බොදු බල සේනා සංවිධානය අද (24) පොලිස්පතිවරයාට පැමිණිළි කර ඇති අතර, එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව එම සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත.

ලංකාවේ සෑම මුස්ලිම් පල්ලියකට රජයේ වියදමින් CCTV කැමරා පද්ධති ලබා දිය යුතු යැයි රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබිණි.

මේ අතර පසුගිය දිනවල ඇති වූ සිදුවීම් හරහා ජාත්‍යන්තර ඉස්ලාම් ප්‍රජාව කුපිත කිරීමට මෙරට ඇතැම් ඉස්ලාමීය අන්තාවාදී කණ්ඩායම් සහ දේශපාලකයන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. ඉකුත් දා මුස්ලිම් පිරිසක් විසින් අම්පාර මාණික්කමඩු පුරාවිද්‍යා බිමේ ඉඩම් ආක්‍රමණය කිරීමට එරෙහිව බෞද්ධ සංවිධාන වලින් එල්ල වූ ප්‍රතිවිරෝධය, මුස්ලිම් ජනතාවට එරෙහිව හිරිහැර සිදුකිරීමක් යැයි, සිදුවීම කණපිට හරවමින් බීබීසී සහ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක ප්‍රචාරය කර තිබිණි.

Related posts

විදෙස් සංචාරකයන්ට කොළඹදී මුස්ලිම් කණ්ඩායමක හිරිහැර. දේව යැදිල්ලක් බලහත්කාරයෙන් අස්සවලා

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday