Colombo Today Local News

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති ඉදිරියේදී දිවුරුම් දුන් අතර එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

මිත‍්‍රශිලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්වන ලෙසත් සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.

Related posts

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday