Colombo Today Local News

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

මෙරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම වෙනුවෙන් දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  වතුකරයේ දෙමළ ජනතාව ඇමතීමට නියමිත බව අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි.

මෙය වතුකරයේ ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් බවත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනිදා නෝර්වුඞ්හිදී වන බවත් ඔහු සඳහන් කරයි.

මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ වතුකරයේ ජනතාව ඉන්දියාවෙන් ආපු කට්ටිය. මෙච්චර කාලයකට ඉන්දියාවෙන් කිසිම නායකයෙක් ඇවිත් ඔවුන්ව බැලුවෙ නැහැ. වත්මන් ආණ්ඩුව යටතේ තමයි ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙන්නේ. මෙතෙක් ආපු හැමෝම ගියේ යාපනයට. වතුකරයට කවුරුත් ආවේ නැහැ.” යනුවෙනි.

Related posts

උද්දමනය පහලට

Admin

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday