Colombo Today Local News

මියන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් නොකෙරේ ! ලංකාවේ රදවා ගැනීම නියෝග..

පසුගිය ඉරිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් පිරිස මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (02) දා තීන්දු කළේය.

එම පිරිස මෙරටින් පිටුවහල් නොකරන ලෙසත්, ඔවුන් මිරිහාන ආගමන විගමන කඳවුර වෙත මාරු කරන ලෙසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රුෂ්ඩි හබීබ් සහ ෂයිනාස් මොහමඩ් යන නීතීඥවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පසුගිය ඉරිදා (අප්‍රේල් 30) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අදාළ පිරිස පිටුවහල් නොකරන ලෙසත්, ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ IOM සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාලනය යටතට පවරන මෙන්ද නීතිඥයන් කළ ඉල්ලීම් පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා මෙන් සහ සංක්‍රමණිකයන් පිරිසට අවශ්‍ය වෛද්‍යාධාර ඇතුළු සියලු පහසුකම් සලසන මෙන්ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

2014 වසරේදී පාකිස්ථානයේ සිට සංක්‍රමණය වූ අහමදියා මුස්ලිම් ජාතිකයන් 1500ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර ආයතනය භාරයේ සිට මීගමුව වැල්ල වීදිය හා වයඹ වෙරළබඩ තීරයේ තාවකාලිකව පදිංචිව සිටී. ඔවුන්ගේ පිරිසකට විල්පත්තු රක්ෂිතය එළි කරමින් ඉදිවූ නව ජනාවාසවල නිවාස ලබා දී ඇති බවටද වාර්තා පලවිය.

Related posts

සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති

colombotoday

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයි

Admin

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday

මිරිහානේදී බස් රථ 2කට ගිනිතැබූ සැකකරුවෙක් සොයා පොලීසිය මහජන සහය පතයි..

colombotoday