දැන් පවතින තත්ත්වය අනුව ජාතික මැතිවරණයක් ජය ගැනීම ගැන රනිල් – මෛත්රී හවුල් ආණ්ඩුවට සිතීමටවත් අසීරු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවැත්වූ දැවන්ත මැයි රැළියෙන් පසු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.