Colombo Today Local News

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අගමැති වන බවට රට පුරා කට කතා පැතිර යන්නේ එම කරුණ පදනම් කරගෙන යැයි ද නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.

කෙසේ නමුත් සිංහල දමිල අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වනු ඇති බවට තමාට විශ්වාසයක් ඇතැයි ද විජයවර්ධන මහතා කියා සිටි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති වෘත්තීයවේදී හමුවකදීය.

Related posts

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

අද ඩොලරයේ මිල

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday