Colombo Today Local News

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28)දින අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

පොලිසියට ලද තොරතුරකට අනුව පේසාලේ හෙබි පීඕපී වීදියේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව කී එම උසස් පොලිස් නිලධාරියා එහිදී 27 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට පත්වූ බව ද සඳහන් කරයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ගැනීමට නියමිත බව ද එම නිලධාරියා කියයි.

තලේමන්නාරම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. බී. එම්. සිරිල් මහතා සහ පොලිස් සැරයන් රණසිංහ (53398), පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (40681), කොඩිතුවක්කු (70328), බණ්ඩාර (54434), සංජීව (99568) සහ ශිවානන්දන් (93774) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාගහවත්ත සහ මන්නාර පොලිස් අධිකාරී විදානගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related posts

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

colombotoday

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday