Colombo Today Local News

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවද ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ.

කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් රටේ කටයුතු අඩපණ කිරීමට ඉඩදිය නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී රට තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට සුවිශේෂී බළකායක් පිහිටුවා තිබීම වැදගත් බවත් අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් පවසා ඇත.

ඒ අනුව එම බළකාය ත්‍රිවිධ හමුදාව ඇතුළු විශේෂ පිරිසකගෙන් සමන්විත වන පරිදි සැකසීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර, එහි නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Related posts

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday

සාදයේදී පුද්ගලයෙකුට පහර දෙයි.. ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ්…!

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday