Colombo Today Local News

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ,ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම් වල ආයෝජන,ශ්‍රී ලංකා අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොල පුළුල් කිරීම,සංචාරක ව්‍යාපාරය යන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයන් ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව හමුවේදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ,ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුද මෙම හමුවට සහභාගී විය.

Related posts

බුද්ධි අංශ තොරතුරු මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday