Colombo Today Local News

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

තම මෙහෙයවීමෙන් විල්පත්තුවේ වන විනාශයක් සිදු කරන බවට කළ ප්‍රකාශයක් නිසා තම කීර්ති නාමයට අපහාස වූයේ යැයි පවසමින් අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණු කළ නඩුව ඊයේ කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර නඩුවට අදාළ ලිපිගොනු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෝසමක් ඉදිරිපත් කරන ලෙසට පැමිණිලිකාර පාර්ශවයට නියෝග කර ඇත.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනාන්තරය විනාශ කරමින් ජනපද ඉදිකරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුල් වරට හෙළිදරව් කළේ 2013 වසරේදීය.

එහිදී තමාගේ නමට අපහාසයක් සිදුවූ බව කියමින් අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා අපහාස නඩුවක් ගොණුකර තිබෙන අතර ඊට අදාළව අවසන් නඩු විභාගය සිදුව ඇත්තේ මීට වසර දෙකකට ඉහතදීය.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් නීතීඥ හේමක සේනානායක නඩුවට පෙනී සිටින ලදි.

Related posts

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

Admin

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

එන්නත් ලබාදීම කඩිනම් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක් වෙයි

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday