Colombo Today Local News

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

පුත්තලම මදුරන්කුලිය විරුතොඩෙයි අසීෂියා අරාබි විද්‍යාලයේ මවුලවි සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සහ අන්තර් අගම්ක ගෝලීය සංවාදය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“රට ඉදිරියට ගෙනයාම සදහා සියළු ජාතීන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවෙි සිංහල, ද්‍රවිඩ මුස්ලිම් ජාතිකයින් ජිවත් වෙනවා. ඔවුන් වෙනත් රට වලින් පැමිණි අයයි. එම නිසා අපේ රට කාගේවත් නිජ භූමියක් නොවෙයි. කාටවත් තනි අයිතියක් නැහැ. කෝට්ටේ රාජධානිය ආරක්ෂා කර ගැනීමට සිංහලයන් මෙන්ම මුස්ලිම්වරුන් ද දායක වුනා.

පසුගිය රජය සමයේ දී මුස්ලිම් ජාතිකයින්ට අසාධාරණකම් සිදු වුනා. මම එම අසාධාරණකම් වලට එරෙහිව විරෝධය පළ කළා. රජයේ ආධාර මත අන්තවාදී කණ්ඩායම් කටයුතු කළා. මට කළකිරීමක් තමයි ඇති වී තිබුනේ. ජාතිවාදය, ආගම්වාදය මුලික වුනා. මට හිරිකිතයක් මෙන්ම ලැඡ්ජාවක් ද ඇති වුනා. පැවැති රජය වෙනස් කරන්න හිතුනේ එම නිසයි. රජය වෙනස්වෙයි කියලා කවුරුත්වත් හිතුවෙි නැහැ. ජනවාරි 08 විප්ලවය සදහා මුස්ලිම් ජාතිකයින් විශාල දායකත්වයක් දැක්වූවා. යහපාලන රජය තුලත් විවිධ ජාතීන්ට විරුද්ධව ඇතැම් අය කටයුතු කරනවා නම් මම ඊට විරෝධය පළ කරනවා. විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් අදහස් පළ කලා එල්.ටි.ටි.ඊ සංවිධානය පැය 24 ක් තුල උතුරේ මුස්ලිම් ජාතිකයින් පළවා හැරියා. සිංහල ජාතිකයින් පළවා හැරියා. ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. විල්පත්තුව මුස්ලිම්වරුන්ටත් අයිතියි. දශක ගණනාවක් කදවුරුවල ජීවත් වූ ඔවුන් මුල් වාසස්ථාන වලට ගොස් සිටිය දී තමයි විරෝධතාවයක් මතු වුනේ. මම ඉඩම් නීතිය ගැන හොදට දන්නවා. එම නිසයි විල්පත්තුව පිළිබදව අදහස් පළ කළේ. රක්ෂිත හදන්නත් පුළුවන්. රක්ෂිත අවම කරන්නත් පුළුවන්. අතීතයේ සිට විල්පත්තුවෙි මුස්ලිම් ජාතිකයින් සිටි බව ඔප්පු වී තිඛෙනවා. රාජ්‍ය ආයතන, ආගමික සිද්ධස්ථාන එම භූමියේ තිබුනා. එම නිසයි මුස්ලිම් ජනතාවගේ පදිංචිවීමෙි අයිතිය ඔවුන්ට ලබාදිය යුත්තේ. නීතියට අනුව කටයුතු කළ යුතුයි.

යහපාලන රජය විධායක ජනාධිපති බලතල අඩු කළා. ජනාධිපතිධූරය නීතිය යටතට ගෙනාවා. හිටපු ජනාධිපතිවරයා සිටියේ නීතියට උඩින්. රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක කෙරුනා. නීතිමය ප්‍රශ්ණ තිඛෙනවා නම් ඒවා වෙනස් කළ යුත්තේ ජනතාවට සාධාරණත්වය ඉටු වන අයුරින්. අපේ රටේ සිංහල ජාතිය ආරක්ෂා කිරීමෙි සටන ආරම්භ වුයේ 1958 දී. තාමත් එය ඉටු කර ගන්න බැරි වුනා. එම නිසා රට අරාජික වුනා. අපේ අසමගියත් ඊට බලපෑවා. ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව ජනවාරි 08 වන දා ජනතාව නැගී සිටියා. ජාතිවාදය, ආගම්වාදය උඩ මැතිවරණ දිනන්න බැහැ. මම ජාතිවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන විට මගේ චරිතයත් ඝාතනය කළා. ජාතීන්ගේ පක්ෂ ජාතික පක්ෂ විය යුතුයි.” 

Related posts

සජිත් ප්‍රේමදාසගේ වත්තේ ලොකු වලක් කපලා දෙන්න වලදාන්න. මේකේ තියෙන්නේ අන්තවාදයක්. | භූමිදානය ගැන දයාරතන හිමි කියති.

colombotoday

අගමැති යටතේ කටයුතු කළ නොහැකියි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනපතිට ලියයි

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

ජනපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ – ජොන්ස්ටන්

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday