ඊයේ (22) දින ඉතාලියේ මොන්සා නගරයේ පැවති ලම්බෝගිනි යුරෝපා සුපර් ට්රොෆෙයෝ (lambhogini super trofeo) මෝටර්රථ ධාවන තරඟයේ LP CUP කාණ්ඩයේ මූලික තරඟයේදී ශ්රී ලංකාවේ සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව පළමුවෙනි ස්ථානයට පත්ව තිබේ.
මේ තරගාවලියට ලෝකයේ ප්රධාන පෙලේ ධාවන ශූරයන් රැසක් සහභාගි ව සිටි බවද පැවසේ. එම අවස්ථාව නැරඹීමට ඉතාලියේ ජීවත් වන ශ්රී ලාංකිකයින් බෙහෝ පිරිසක් පැමිණ සිටි බවද වාර්තා වේ.
එම කාණ්ඩයේ දෙවැනි සහ අවසන් තරග අද (23) පැවැත්වේ.
[fbvideo link=”https://www.facebook.com/CHAINCinematography/videos/1187443498049063/” width=”600″ height=”400″ onlyvideo=”1″]
[fbvideo link=”https://www.facebook.com/666607466742429/videos/1285094754893694/” width=”550″ height=”400″ onlyvideo=”1″]