Colombo Today Local News

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

කවුරු විරුද්ධ වූවත් ඉන්දියාවට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබාදිය යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 04 වැනිදා පැවැති කැබිනට්‌ මණ්‌aඩල රැස්‌වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට එරෙහිව අදහස්‌ දැක්‌වීමේදීය.

මෙහිදී ඛනිජ තෙල් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාද ප්‍රකාශ කර ඇත්තේ තෙල් ටැංකිවලින් 15 ක්‌ ඉන්දියාවටත් ඉතිරි ටැංකි 15 රජය යටතේත් තබාගත යුතු බවටය.

මෙම අවස්‌ථාවේදී අගමැතිවරයාත් ක්‍රීඩා ඇමැතිවරයාත් අතර උණුසුම් වචන හුවමාරුවක්‌ සිදුව ඇත.

වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්ති අනුව ඉන්දියාවත්, චීනයත්, ඇමරිකාවත් මිත්‍රයන් ලෙස තබාගත යුතු අතර විශේෂයෙන්ම එළැඹෙන ජාතික වෙසක්‌ උත්සවයට සහභාගි වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණෙන මොහොතක ඉන්දියාව සමග ගැටුමක්‌ ඇතිකර ගැනීම සුදුසු නැතැයිද මෙහිදී අගමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම්දී තිබේ.

– දිවයින

Related posts

සම්පායෝ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් නියෝග

colombotoday

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin