Colombo Today Local News

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 600ට සිදුවුයේ කුමක්දැයි වහාම රජය ජනතාවට දැනුම් දිය යුතු බව සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

මේ අරමුදලේ තිබුණු මුදල් කෝටි 150ක් හැර ඉතිරි මුදල් අතුරුදන් වී තිබෙන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඒ මහතා කියයි.

දඹුල්ලේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

2013දී ආරම්භ කළ එම අරමුදලට වසරකට රුපියල් බිලියන 1.6ක් එකතු වී ඇතැයි ද ඒ මහතා පවසයි. “වගා හානි සදහා ගොවීන්ට මසකට ගෙවන රු 10000ක වන්දියෙන් රු 1350ක මුදලක් රක්ෂණයකට බව කියමින් කපා ගන්නවා.එම මුදල කපා ගැනීම වහාම නවතා ගොවින් වෙනුවෙන් 2013 වසරේ රජය අයවැය මගින් ක්‍රියාත්මක කළ වගා බදු අරමුදලින් ගොවීන්ට ගෙවිය යුතුයි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

Related posts

පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා – කතානායකගෙන් නිවේදනයක්

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

කොරෝනා ගුරු පොකුරට අතවනන නුවරඑළියේ ගුරු උද්ඝෝෂණය

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday