Colombo Today Local News

අගමැති එන සතියේ ඉන්දියාවට.. ත්‍රීමලේ වරාය, තෙල් ටැංකි, එට්කා ගැන එකගතාවකට එයි !

අප්‍රේල් 25 වනදා සිදුවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ත්‍රිකුණාමල වරාය සහ තවත් වැදගත් ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට අදාල ඉන්ධන ගබඩාව, ස්වාභාවික වායු බලාගාරය, ගෑස් නල ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම්වලට මෙහිදී අත්සන් තබනු ඇති බවයි “ද හින්දු“ පුවත්පත සදහන් කරන්නේ.

එමෙන්ම දකුණු ආසියාතික අධිවේගී මාර්ගය සහ කර්මාන්තපුර සංකීර්ණයේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමල වරාය සංවර්ධනය පිළිබදව සහ යෝජිත ඉන්දු ලංකා ‘එට්කා‘ ගිවිසුම පිළිබදවද අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයේදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

එම සංචාරයේදී ඉන්දීය විදේශ ඇමති සුෂ්මා ස්වරාජ්, ස්වදේශ කටයුතු ඇමති රානාත් සිං සහ ප්‍රවාහන ඇමති නිතින් ගඩ්කාරි සමගද අගමැතිවරයා සාකච්චා කිරීමට නියමිත බව හින්දු පුවත්පත පවසයි.

Related posts

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

“රටට සිදුවෙන සියළු දේට වගකියන්න ඕන ආණ්ඩුවට මුක්කු ගහපු හතළිස් පස්දෙනයි” – දිලුම්

colombotoday

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday