Colombo Today Local News

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑ සිද්දියට සොත්ති උපාලි ගේ පුතු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දි මුදල් මංකොල්ලකා ඇති බවට වාර්තා විය.

සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකුයි.

වැඩි දුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදුන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට

colombotoday

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday