අදත් කලාප 23කට බෙදා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A සිට L දක්වා කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් විදුලි බලය අත්හිටුවන අතර එම කලාපවලට සවස 6.00 සිට රාත්රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 40 ක් විදුලි බලය අත්හිටුවීමට නියමිතයි.
P සිට W දක්වා කලාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැය 04 යි විනාඩි 30 ක් සහ පස්වරු 5.30 ත් රාත්රි 11.00 ත් අතර කාලයේ පැයයි විනාඩි 50 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.